(එම්.සුසිල් පියන්ත)

බෙන්තොට සංචාරක පුරය අහසින් සිරි නැරඹීම සඳහා යොදා ගන්නා පැරා මෝටර් නැමති කුඩා යානයක් බෙන්තොට මුහුදට ඉහලින් පියාසර කරමින් සිටියදී අද 29 දා සවස කඩා වැටිමෙන් එහි ගමන් ගත් ලෙබනන් ජාතික 31 හැවිරිදි කාන්තාවක සමග අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි

බෙන්තොට වෙරළේ සිට මීටර් 600 ක් පමන ඈතින් මුහුදේ යානය පියාසර කර ඇති අතර අද (29) සවස 4 ට පමණ මේ අනතුර සිදුවී ඇති අතර යානය කඩා වැටෙනවාත් සමග එහි නියමුවා ලෙස කටයුතු කළ කොලොම්බියා ජාතික මනිල් ඊබ්රහිම් යානයෙන් මුහුදට පැන ගොඩට පිහිනා දිවි ගලවාගෙන ඇතැයි ද කියයි.

යානය කඩා වැටීමට හේතුව යානයේ කාර්මික දෝෂයක් බවට සැකකෙරේ.

යානය කාන්තාවද සමග දියේ ගිලී තිබේ.

යානය හා කාන්තාව සෙවීමට නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම පැරා මෝටර් යානය අලුත්ගම ප්‍රදේශයේ සංචාරක සේවා සපයන ආයතනයකට අයත් එකක් බව පොලීසිය පැවසීය.